දේශීය

දුම්රිය වර්ජනය අවසන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය හදිසියේ ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කිරීමට කටයුතු කිරීම ත් සමග අද (ජන. 15) දිනයට අදාළ දුම්රිය ගමන් වාර පෙර තිබූ කාලසටහන් අනුව ක්‍රියාත්මක කෙරන බව දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.‍

අද සෙනසුරාදා දිනයට අදාළ කාලසටහන් අනුව දුම්රිය ගමන් වාර ප්‍රමාදයකින් තොරව ධාවනය වන බවට වාර්තා වී ඇති බව ය.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගෙන සිටි මගීන්ට යළි මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඔහු පැවසී ය.

ඒ අනුව, දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සඳහා වන කවුළුවලින් විමසූ විට මගීන්ට එම මුදල් යළි ලබා ගත හැකි ක්‍රමවේදයක් යොදවා ඇති අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් එම ස්ථාන භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අතරතුර ස්ථානාධිපතිවරුන් එන්ජින් රියැදුරන්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළව සේවය අත්හිටවූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයා විනය කරුණුවලට යටත්ව යළි සේවයේ පිහිටුවා ඇති බව ය.

එමෙන් ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් පොලිස් විමර්ශන සිදු කෙරෙන බව ද ඔහු පැවසී ය.

Related posts

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

නිවාඩු සමයේ “ඉ- තක්සලාව”සමග සම්බන්ධවන ලෙසට පාසල් දරුවන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment