දේශීය

විවෘතවූ මධ්‍යම අධිවේගී මාර්ගය බ්‍රහස්පතින්දා සිට පොදු ප්‍රවාහනයට

(UTV | කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 20 වනදා සිට පොදු මගී ප්‍රවාහන සේවාවන් සඳහා විවෘත වන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

ආරම්භයේදී මහනුවර – කොළඹ සහ කොළඹ – කුරුණෑගල බස් රථ සඳහා අවසර ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ විවෘත කිරීමත් සමඟ පෞද්ගලික ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවුණා.

මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ අද දහවල් 12 වනතුරු එහි ගමන්ගන්නා වාහනවලින් කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි.

ඒ අනුව ඉන් අනතුරුව අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඕනෑම අන්තර් හුවමාරු දෙකක් අතර සැහැල්ලු වාහනයක් ගමන් කරන්නේ නම් රුපියල් සියයක මුදලක් ගෙවිය යුතු බවයි.

බර වාහනයක් ගමන් කරන්නේ නම් ඔවුන් රුපියල් 150 ක මුදලක් ගෙවිය යුතු වනවා.

මීට අමතරව මීරිගම සිට කුරුණෑගල දක්වා සැහැල්ලු වාහනයකින් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ නම් රුපියල් 250 ක් ගෙවිය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, බර වාහන එම අධිවේගී මාර්ගයේ ඕනෑම අන්තර් හුවමාරු දෙකක් අතර ගමන් කරන අවස්ථාවකදී රුපියල් 150 ක මුදලක් ගෙවිය යුතු අතර, මීරිගම සිට කුරුණෑගල දක්වා එම වාහන ගෙවිය යුතු මුදල රුපියල් 350 ක් සහ 550 ක් වනවා.

Related posts

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

Editor O

විදෙස්ගතව සිට එන රැකියා අහිමි ශ්‍රී ලාංකිකයන්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 287 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment