දේශීය

රාජිතට එරෙහි සුදු වෑන් නඩුව විභාගයට ගැනීමට දින නියම කෙරේ

(UTV | කොළඹ) – ඉකුත් ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 15 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පරිගණක උත්පාදිත සාක්ෂි පරික්ෂා කිරීමට විත්තියට තවමත් හැකියාව නොලැබුණු බව සඳහන් කළ අතර මේ පිළිබඳව නඩු විභාගයේ දී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ මෙම නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය පෙබරවාරි මස 18 වැනිදා කැඳවන බවය.

ඉන් අනතුරුව නඩු විභාගය මාර්තු මස 15 වනදා ආරම්භ කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ කොලඹදී සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් දෙදෙනෙකු යොදා ගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සහ කොල්ලකෑම්, මිනීමැරීම් ඇතුළු අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ව්‍යාජ කරුණු සමාජගත කිරීම තුළින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට අගතියක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

Mohamed Dilsad

කොවිඩ් අනු පොකුරු කොළඹින් බැහැර ඇතිවීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment