දේශීයව්‍යාපාරික

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

(UTV | කොළඹ) – ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමා ඇත්තේ පදනම් අංක 50 කින් ය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය සමග ස්වයංක්‍රීයව ගැලපීමේදී බැංකු පොලී අනුපාතය 9.5 ක්% වනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇති.

Related posts

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇප

Mohamed Dilsad

Leave a Comment