ක්‍රීඩා

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීමක් නොමැති, ප්‍රතිකාරයක් සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඩෙන්මාර්කයේ ජෛව තාක්‍ෂණ සමාගමක කොටස් අයිතියෙන් 80%ක් හෙවත්, සමාගමේ සම්පූර්ණම පාලනය තමා වෙත නතුකර ගැනීමට ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවික් කටයුතු කර තිබේ.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.

සමාගමේ ප්‍රධාන විධායක අයිවන් ලොනාකාර්වික් විසින් රොයිටර් පුවත් සේවය වෙත මෙම ආයෝජනය තහවුරු කරන ලදී. ඔහු පසුව ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ ටෙනිස් තරුව එන්නත් විරෝධියෙකු නොවන බවයි.

ජොකොවික් ඔස්ට්‍රේලියාවේ සිටියදී එරට ආගමන අමාත්‍ය ඇලෙක්ස් හෝක් විසින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම වැළැක්වීමේ නීතිමය අභියෝගයක් පරාජය වීමෙන් පසු ඉරිදා ඔස්ට්‍රේලියාවෙන් පිටව ගියේය.

Related posts

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Mohamed Dilsad

බංග්ලාදේශ – කොදෙව් දෙවන 20යි 20 තරඟය අද.

Mohamed Dilsad

ක්‍රීඩාංගන නඩත්තු කරන්න වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment