දේශීය

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

(UTV | කොළඹ) – රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.

තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.

Related posts

බත්තරමුල්ල සහ පැලවත්ත රථවාහන තදබදයක්

Mohamed Dilsad

ආනන්තරීය පාපකර්මයක් කළ පුතෙක්

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි සඳහා මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment