දේශීය

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා සිට තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

එමෙන්ම සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙලෙස එක්දින සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි[RELEASE]

Mohamed Dilsad

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

සෞන්දර්යය ප්‍රථිඵල නැතත් උසස්පෙළට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment