විදෙස්

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

(UTV |  ජර්මනිය) – යුක්‍රේනය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබේ.

ඔහු පවසා ඇත්තේ රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වීම විකාර රූපී අදහසක් බව ය.

රුසියානු ජනාධිපති, ව්ලැදිමීර් පුටින්ට ගෞරවය පමණක් අවශ්‍ය වී ඇති බව ද ජර්මානු නාවික හමුදා ප්‍රධානියා පවසා තිබේ.

පුටින්ට අවශ්‍ය ගෞරවය, එසේම ලැබිය යුතු බවට ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා මෙම අදහස් පළකර ඇත්තේ ඉන්දියාවේ පැවති තින්ක් ටෑන්ක් සමුළුවකට එක්වෙමින්.

ඔහුගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයට

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට චීනයෙනුත් එන්නතක්

Mohamed Dilsad

Leave a Comment