දේශීය

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් වැඩිවෙලා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කලේ මෙම මාසය තුළදී ලබාගත් සාම්පල 78 කින් ඔවුන් තහවුරු කරගත් බවයි.

අනෙක් සාම්පල 03 ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

කොළඹ – අවිස්සාවේල්ල – බොරලැස්ගමුව – හෝමාගම – පාදුක්ක – මඩපාත – වැල්ලම්පිටිය – බදුල්ල – ගාල්ල – ගල්කිස්ස – නුගේගොඩ – රුවන්වැල්ල සහ අංගොඩ යන ප්‍රදේශවලිනුයි මෙම ආසාධිතයන් සටහන්වී තිබුණේ.

කඩුවෙල – වැල්ලම්පිටිය සහ තලංගම යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයන් වාර්තා වී ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියා.

Related posts

ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment