දේශීය

බස් වල හිටගෙන යනවා නම් නව ගාස්තු

(UTV | කොළඹ) – වසංගත තත්ත්වය තුළ ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමේ නීති බස් රථ මගින් දිගින් දිගටම කඩකරන නිසා සිටගෙන යන මගීන් සඳහා වෙනම වැඩි ගාස්තුවක් හඳූන්වා දීමට අවශය බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

“මම පොලිස්පතිතුමාට ලිඛතව දැනුම්දුන්නා ආසනගත නීති කඩකරන සියලුම බස්රථ අත්අඩංගුවට ගන්න කියලා. එහෙම ගොඩක් තැන්වල සිදුවෙලා තිබුණා. නමුත් අපිට පේනවා ග්‍රාමිය මාර්ගවල මේ නීතිය කඩනවා කියලා. අපි මේක නතර කළේ නැතිනම් එළඹෙන සතිය වෙද්දි හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මගියෙකුට පුළුවන් ආසනයක් නැතිනම් අඩුම තරමේ නීතිය කඩන එක කෙසේවෙතත් හිටගෙන යනවා නම් ඒ ගාස්තුව විතරක් ගෙවන්න.

අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව.

එහෙම නම් අපේ කොන්දේසිවලටත් එකඟවෙන්න ඕනේ. එකඟවුණේ නැතිනම් ඉදිරි සතිය තුළ ආසනගත ගාස්තුව වගේව හිටගෙන යනවා නම් පරණ තිබුණ ගාස්තුව වගේ වෙනම ගාස්තුවක් නියම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටගෙන යන අයට පුළුවන් ඒක ගෙවන්න. ඉදගෙන යන අයට පුළුවන් ඒ ගාණ ගෙවන්න. එතකොට අපට ළඟට ඇවිත් ඒක වෙනස් කරන්න කිව්වාට අපි ඒක කරන්නේ නැහැ.”

Related posts

ලංකා IOC පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුණොත්, මුහුණ දීමට ගුවන් හමුදාව සීරුවෙන්.

Editor O

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment