දේශීය

ප්‍රතිකාර හා පුනරුත්ථාපන පනත සංශෝධනයට අනුමැතිය

(UTV | කොළඹ) – ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මත් ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සදහා වන විධිවිධාන, 2007 අංක 54 දරණ ප්‍රතිකාර පුනරුත්ථාපන පිළිබඳ පනතේ ඇතුළත් වනවා.

එහි පවතින විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිදි සංශෝධනය කළ යුතු බවටයි, හදුනාගෙන තිබෙන්නේ.

ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළා.

එහිදී, ඉදිරිපත් කරන ලද එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට, කැබිනට් තීරණ වල සදහන්.

Related posts

ප්‍රදේශ රැසක බස් හා දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

NMRA දත්ත මැකීම : සැකකාර සහකාර ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment