දේශීය

විදුලි කප්පාදුව ගැන තීන්දුව අද

(UTV | කොළඹ) – දෛනික විදුලි කප්පාදුවකට අවසර දෙන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය කල ඉල්ලීම සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (27) නැවත රැස්වනවා.

අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බවයි පෙරේදා දිනයේදී ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

උපකල්පන 03 ක් මත පදනම්ව දිනකට පැය 02 ත් 09 ත් අතර කාලයක විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන ලෙසයි විදුලි බල මණ්ඩලය විසින් කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණේ.

පවත්නා ඉන්ධන තොග හා ඒවා බලාගාර වලට ලබාදීය හැකි දින පිළිබද තොරතුරු ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් බවද මහජන උපයෝගීතා කොමිසම කියා සිටියා.

Related posts

මෙරට චීන තානාපති සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිත පොකුරක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment