දේශීය

නිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(UTV | කොළඹ) – පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද (29) සිට ලබන 3 වනදා දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සිට දිනපතා උදෑසන 7 සිට පස්වරු 2 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම නිදහස් උළෙල පැවැත්වෙන ලබන 4 වනදා කොළඹ නගරයේ සහ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළා.

ඒ අනුව කොළඹට ඇතුලු වීම සහ පිටවීම සඳහාද විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

Mohamed Dilsad

තවත් 395 ක් සුව අතට

Mohamed Dilsad

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

Leave a Comment