දේශීය

මෙරට කොවිඩ් එන්නත්කරණයට අදට වසරයි

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් එන්නත්කරණයට අදට වසරක් සම්පූර්ණ වනවා.

ඒ නිමිත්තෙන් එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මීට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

වර්ෂ පූර්ණ එන්නත්කරණ සැමරුම් වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත්කරණ සතියක් අද සිට ක්‍රියාත්මකයි.

ජනතාවගේ රැකවරණය බූස්ටර් එන්නත ලෙසින් එම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පසුගිය වසරේ ජනවාරි 29 දින මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, මේ වන විට මෙරටට මිලියන 51 කට අධික එන්නත් තොගයක් ගෙනවිත් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Related posts

එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අද

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment