දේශීය

IMF සම්බන්ධයෙන් එජාප’ය පැහැදිලි කිරීමක් ඉල්ලයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පැහැදිලි කිරීමක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පසුගිය සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා ප්‍රකාශ තුනක් නිකුත් කළ බවයි. ” රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට රජය එකඟ බව” පසුගිය පෙබරවාරි 2 වෙනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර තිබුණා.

පෙබරවාරි 2 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිට ඉල්ලා ඇති බවයි. පෙබරවාරි 3 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සමාන්‍ය තාක්ෂණික ආධාර වැඩසටහනක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹගේ මහතා, පසුගිය වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන කටයුතු මෙරට පැවැති බැවින් මෙය තාක්ෂණික වැඩසටහනක්ද යන්න පිළිබඳව අපට සැකයක් මතුවී තිබෙනවා. රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න මුදල් ඇමතිවරයා නොදන්න බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවාද?

ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බූධයකට මුහුණ දී සිටින අවස්ථාවක රටේ පවතින ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා රජය තම සැලැස්ම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවද, වර්තමානයේදී රටේ ආර්ථිකය අධීක්ෂණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතින බවද කොළඹගේ මහතා තවදුරටත් පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිවැරදි තත්ත්වය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයක් කිරීම අත්‍යාවශ්‍යයි. රජයේ පවතිත මේ අඛණ්ඩ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතභාවය මහජනතාව මුහුණදෙන දුෂ්කරතා තවත් වැඩිකරන බව අපේ හැඟීමයි.

රට මුහුණ දී සිටින මූල්‍ය ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා. අමාත්‍ය මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි සැලසුම් මහජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඔවුන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

Related posts

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

Mohamed Dilsad

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන ආකාරය [RELEASE]

Mohamed Dilsad

මාළු තොග මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 600 ක්

Mohamed Dilsad

Leave a Comment