දේශීය

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

(UTV | කොළඹ) – නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ යෑමෙන් අනතුරුවය.

“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකතුමා පැවසීය.

Related posts

නාම යෝජනා බාර ගන්නා 15 වෙනිදා රාජගිරිය සරණ මාවතට ඇතුළු විය හැක්කේ අවසර ලත් සීමිත පිරිසකට පමණයි.

Editor O

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය අද

Mohamed Dilsad

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පීඩාවිඳින හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගම්මානවල දුක්ඛිත තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment