ක්‍රීඩා

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් සටන අද

(UTV | කොළඹ) – සිව් වතාවක් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හි පැවැත්වෙන මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී අද (05) එංගලන්තයට මුහුණ දෙනවා.

2020 අවසන් මහ තරගය සඳහා ද සුදුසුකම් ලැබූ ඉන්දියාව එහිදී බංග්ලාදේශය අතින් පරාජයට පත්වුණා.

අද (05) පැවැත්වෙන තරගයේදී ද එංගලන්තය, ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔවුන් තරගාවලියේ මෙතෙක් මුහුණදුන් තරග සියල්ලෙන්ම ජයග්‍රහණය කළ අතර, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් සමඟ පැවති තරග ද ඊට ඇතුළත්.

යොවුන් ලෝක කුසලාන අවසන් මහ තරගය අද පැවැත්වෙන්නේ ඇන්ටීගා හි නෝත් සවුන්ඩ් ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ දී යි.

එහි පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්ථානය කඩුලු 3 ක් දැවී ලකුණු 365 ක් රැස් කළා.

මේ හේතුවෙන් අද තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ඊයේ (04) පැවති තරගයේදී ඇෆ්ගනිස්ථානය පරදවා කඩුලු දෙකක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඔස්ට්‍රෙලියානු යොවුන් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19 න් පහළ පිල ලකුණු 201 කට දැවී ගිය අතර, ඔස්ට්‍රෙලියානු යොවුන් පිල පන්දු වාර 49 යි එක් පන්දුවකදී කඩුලු අටක් දැවී ලකුණු 202 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

මෙවර යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි වූයේ හයවන ස්ථානයයි.

Related posts

කුසල් මෙන්ඩිස් ක්‍රිස් ගේල් පසු කරයි

Mohamed Dilsad

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

Mohamed Dilsad

තික්‍ෂිල ද සිල්වා විස්සයි විස්ස සංචිතයට

Mohamed Dilsad

Leave a Comment