විදෙස්

රුසියානු තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත ඉන්දියාවේ අනුමැතිය

(UTV |  ඉන්දියාව) – රුසියාවේ නිෂ්පාදිත තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ මාත්‍රා ද්විත්වයේ ස්පුට්නික් වී එන්නත ලබා ගත් අයෙකුට බූස්ටර් මාත්‍රාවක් ලෙස තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ගත හැකි බව රුසියානු ඍජු ආයෝජන අරමුදල ප්‍රකාශ කර ඇති බවයි.

මේ වනවිට ව්‍යාප්ත වන ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සහ අනෙකුත් එන්නත්වල ඵලදායීතාව වර්ධනය කරගැනීමට විසඳුමක් ලෙස මෙම එන්නත භාවිතයට ගත හැකි අතර, දැනටමත් ඉන්දීය ඖෂධ සමාගම් හතක් තනි මාත්‍රාවේ ස්පුට්නික් එන්නත් බිලියනයක් ලබාගැනීමට ගිවිසුම් ගතවී තිබෙනවා.

Related posts

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment