දේශීය

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 17 වනදා දක්වා අදාළ අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන 10 වනදායිනුයි අවසන් වීමට නියමිතව තිබූණේ. ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට (www.doenets.lk) හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදවුම (Mobile App ‘Exams Sri Lanka’) පිවිස අදාළ අයදුම් පතර යොමු කළ හැකි යි.

විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

අයදුම් පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිත ව තබා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

Related posts

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

Mohamed Dilsad

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

අමාත්‍ය ධුරවල සංශෝධනයක් …

Mohamed Dilsad

Leave a Comment