දේශීය

ගෝලීය කොවිඩ් ආසාදන කෝටි 40 සීමාව ඉක්මවයි

(UTV | කොළඹ) – ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව අඟහරුවාදා (08දා) දිනය වනවිට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 40ක් ඉක්මවා ගොස් තිබේ.

විශ්වවිද්‍යාලයේ දත්ත සටහනට අනුව ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද (09දා) පෙරවරුව වනවිට 400,418,441ක් වූ අතර, ලොව පුරා මරණ 5,762,518ක් ලෙස සටහන් විය.

එක්සත් ජනපදය විසින් ආසාදිතයන් 77,051,222ක් සහ මරණ 908,816ක් වාර්තා කර ඇති අතර, එය ලොව පුරා වැඩිම සංඛ්‍යාව වූයේ, ගෝලීය ආසාදිතයන්ගෙන් 19%කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ගෝලීය මරණවලින් 15%කට වඩා වැඩි ප්‍රමාණයක් ලෙසිනි.

ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ආසාදිතයන් සංඛ්‍යාව 42,339,611ක් වාර්තා කර ඇති අතර, බ්‍රසීලයෙන් ආසාදිතයන් 26,793,497ක් මෙන්ම, ලොව දෙවැනි විශාලතම මරණ සංඛ්‍යාව 634,118ක් ලෙසද වාර්තා වේ.

මිලියන 12කට වඩා වැඩි ආසාදිතයන් සිටින රටවවල් අතරට ප්‍රංශය, බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුර්කියද ඇතුළත් වන අතර, 200,000කට අධික මරණ සංඛ්‍යාවක් ඇති අනෙකුත් රටවලට ඉන්දියාව, රුසියාව, මෙක්සිකෝව සහ පේරු ඇතුළත් වේ.

ගෝලීය කොවිඩ්-19ආසාදිතයන් සංඛ්‍යාව 2021 ජනවාරි 26 වැනි දින කෝටි 10ක දරුණු සන්ධිස්ථානයට ළඟා වූ අතර, අගෝස්තු 4 වැනි දින කෝටි 30ක් දක්වා ඉහළ ගොස්, 2022 ජනවාරි 6 වැනි දින කෝටි 30ක් ඉක්මවා ගියේය.

Related posts

සුරාබදු කොමසාරිස්ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

හෙට සිට විදුලිය කපන වෙලාවන් මෙන්න

Mohamed Dilsad

ගුවන් හමුදාපතිටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment