දේශීය

මාස තුනක විදුලිය කැපීම ගැන තීරණය අද

(UTV | කොළඹ) – පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අතරයි.

ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණය කරනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කල යුතු බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ.

Related posts

කොළඹ අවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Editor O

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment