දේශීය

CEYPETCO මිල ඉහළ නැංවීම යෝජනාවට මෙතෙක් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ

(UTV | කොළඹ) – ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළිත් වරක් රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වෙත මෙම යෝජනාව යොමුකළ බවයි.

කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඩීසල් ලීටරයක් වෙනුවෙන් මේ වනවිට රුපියල් 50කට ආසන්න පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 15කට ආසන්න පාඩුවක් දරණ බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

රන්ජන්ගේ දුරකථන සංවාද ගැන වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 16 ,124 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment