දේශීය

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

(UTV | කොළඹ) – අද දහවල් 12 ට ලංකා විදුළි බල මණ්ඩල මූලස්ථානයේදී සියලු විදුළි වෘත්තිය සමිති එක්ව සාකච්ඡාවක් කැදවීමට ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ 25% ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කිරීමට අණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිවයි.

ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එය සංශෝධනය කළයුතු බවයි.

Related posts

නවගමුව පත්තිනි දේවාලය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

උත්සව සමයේ මාර්ග ආරක්‍ෂාවට පොලිසියෙන් 9000ක්

Mohamed Dilsad

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment