දේශීය

විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලයේ වෙනසක්

(UTV | කොළඹ) – උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ගත හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් අද (පෙබ. 21) පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30 දක්වා සහ ප.ව. 1.30 සිට ප.ව. 4.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකර, රාත්‍රි කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කළ හැකි ද? යන්න පිළිබඳව සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා කළ ඉල්ලීම සලකා බලමින් මෙම තීරණය ගත් බවය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගෙන් utvnews.lk වෙබ් අඩවිය කළ වීමසීමකදී ඔහු සඳහන් කළේ, සවස 4.30ත් 10.30ත් අතර කාලයේ අද දිනය විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ය.

මීට පෙර තීරණය කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි කාණ්ඩ දෙකක් යටතේ අද(21) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට ය.

ඒ අනුව, දකුණු පළාත හැර සෙසු පාළාත්වල පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට ත් දකුණු පළාතේ කාණ්ඩ තුනක් යටතේ පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටත් එම කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබිණි.

Related posts

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්දයෙන් මාලිමාව පරාදයි

Editor O

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතුයි : ලංකා විදුලිබල මණ්ඩලය

Mohamed Dilsad

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවූ දේ

Mohamed Dilsad

Leave a Comment