දේශීය

ඉන්ධන මිලේ යම් වෙනසක්?

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ පවතින මිළ ඉහළයාම හමුවේ ඇතැම් විට ඉන්ධන මිළ ගණන්වල වැඩිවීමක් සිදුවිය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

Mohamed Dilsad

උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ සිසුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment