දේශීය

ටයිල් වැඩි මිලට වික්කොත් වැඩ වරදී

(UTV | කොළඹ) – වැඩි මිලට ටයිල් අලෙවිකරන වෙළෙඳුන් හා ආයතන පිළිබඳව දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් මහජනතාවට දැනුම්දෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික දුරකතන අංකය වන 1977 ට පැමිණිලි කළ හැකි බව ඔහු සඳහන් කරයි.

රට තුළ පවතින ටයිල් හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළෙන්දන් සහ ආයතන ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ගලා එන බවත් ටයිල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් පිළිබඳව පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ටයිල් සමාගමක් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාරිභෝගිකයන් නොමඟ යවමින් විවිධ වර්ණවල ටයිල් ලබාදෙන බවට ද ඇතැම් ටයිල් අළෙවි කරන ආයතන පිළිබඳව චෝදනා ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

ගෑස් යළි බෙදාහරින දවස මෙන්න

Mohamed Dilsad

සදුදා සිට කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment