විදෙස්

සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බව බයිඩ්න් කියයි

(UTV |  වොෂින්ටන්) – යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියාවේ වේලාවෙන් අද අලුයම අවසර ලබා දී තිබෙනවා.

රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු අදාළ කලාපයේ සිටින යුක්රේන සෙබලුන්ගෙන් ඉල්ලා සිටියේ අවි ආයුධ බිම තබා වහා යටත්වන ලෙසයි.

නොඑසේනම් ඇතිවන ලේ වැගිරීමක වගකීම යුක්රේනය විසින් දැරිය යුතු බවද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කලා.

යුකරේනය අත්පත් කරගැනීමට අපේක්ෂාවක් නොමැති බවත් රට පාලනය කල යුත්තේ කවුරුන්ද යන තීරණය යුක්රේන ජනතාව සතු බවත් ව්ලැඩිමීර් පූටින් ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර නැගෙනහිර යුක්රේනයෙන් මෙන්ම කිව් අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකින් ලැබෙන වාර්තා තහවුරු කරන්නේ විශාල පිපිරීම් ඇසෙමින් පවතින බවයි.

යුක්රේනයෙන් වෙන්වී ගිය කලාප 02 ක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බවද රුසියානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ගැටුම් නවතා වහා සාකච්ඡාවලට එළඹෙන ලෙසයි.

සමස්ත ලෝකයම රුසියාවට ප්‍රතිචාර දක්වනු ඇතැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

සියලු මිතුරු පාර්ශව සමග එක්ව එක්සත් ආකාරයෙන් රුසියාවට ප්‍රතිචාර දක්වන බවද අමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළා.

Related posts

කෙන්යාවට එන්නත් හිඟයක්

Mohamed Dilsad

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

ලැව් ගින්නෙන් නිවාස 30 ක් විනාශයට

Mohamed Dilsad

Leave a Comment