දේශීය

උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක

(UTV | කොළඹ) – උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ජනාධිපතිතුමා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත් අද (24) ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැත.

ජනාධිපතිතුමා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇත. දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යතුමා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

Related posts

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

 2020 සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment