දේශීය

යුක්රේන – රුසියා අවුල ගැන රජය මැද මතයක

(UTV | කොළඹ) – යුක්රේන – රුසියා අර්බුදය දෙස ශ්‍රී ලංකාව මැදිහත්ව බලා සිටින බව රජය පවසනවා.

විදේශ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකාව වැනි රටකට රුසියාවට ආර්ථික හෝ වෙනත් සම්බාධක පැණවීමට හැකියාවක් නොමැති බවයි.

යුක්රේනයේ තවදුරටත් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම බෙලරුසියාවේ දැනට අධ්‍යාපනය හදාරන ලාංකික සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවද මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියා.

Related posts

ලාෆ් ගෑස් මිල පහළට

Mohamed Dilsad

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment