විදෙස්

අපි ආයුධ බිම තබන්නේ නෑ – යුක්රේන ජනපතිි

(UTV | යුක්රේනය) – රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.

යුක්රේනයේ කිිව් අගනුවර සිට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“ආයුධ බිම තබන ලෙස මම අපේ හමුදාවෙන් ඉල්ලා සිටින බවටත්, හමුදාව ඉවත් කරන බවටත් අන්තර්ජාලයේ බොහෝ ව්‍යාජ තොරතුරු පළවෙනවා. මම මෙතන ඉන්නවා. අපි ආයුධ තියන්නේ නැහැ. අපි අපේ රාජ්‍යය ආරක්ෂා කරනවා” යැයි ඔහු පවසයි.

මේ අතර ප්‍රංශය විසන් යුක්රේනයට අවශ්‍ය අවිි ආයුධ ලබාදීමට එකඟ ව ඇති බවද සඳහන් කරන යුක්රේන ජනපතිවරයා යුධ විරෝධී පෙරමුණ එක්වෙමින් සිටිින බවද පැවැසීය.

Related posts

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

ට්‍රම්ප් නව සංක්‍රමණික තහනමක් ගෙන එන්න සුදානම්

Mohamed Dilsad

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

Mohamed Dilsad

Leave a Comment