දේශීය

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් මතුවීමේ අවදානමක් – උපුල් රෝහණ

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ වැඩි හැකියාවක් ඇති බවය.

” ලංකාවේ බොහො ප්‍රදේශවල මේ වෙද්දී සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් රැසක් පවත්වනවා. ඒ වගේම එළඹෙන මාස වලදීත් මෙවැනි උත්සව පැවැත්වීමට නියමිතයි. ඒ නිසා අපිට පෙන්න තියෙනවා සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් නිසා විශාල වශයෙන් කොවිඩ් 19 අවදානම උද්ගත වෙනවා. ඒ වගේම පැතිරයාම සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. දින කීපයකින් එක තැනකදී මේකේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වුවත් දිවයින පුරා කොවිඩ් ආසාදිතයෝ රාශියක් වාර්තා වෙනවා. සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා. මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.”

Related posts

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

Editor O

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

Leave a Comment