දේශීය

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

(UTV | කොළඹ) – ඉදිරි මාස 3ක කාලය සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග රජයේ රෝහල් සතු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, පෞද්ගලික අංශයට ඖෂධ ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බවයි.

මේ අතර, පැරසිටමෝල් ඖෂධය නිෂ්පාදනය වේගවත් කරන්නැයි අදාළ සමාගම් වෙත උපදෙස් දී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, පැතිර යන රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන්, පැරසිටමෝල් ඉල්ලුම් ඉහළ ගොස් ඇති බවයි.

පැරසිටමෝල් තොග වශයෙන් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද, ඔහු පවසයි.

Related posts

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් ආසාදිතයන් ඉහළ යයි [UPDATE]

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment