දේශීය

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

(UTV | කොළඹ) – තවත් ඩීසල් නෞකා 02 ක් අද දිනයේදී මෙරටට ළගාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඉන් එක් නැවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් අන්තර්ගතයි.

අනෙක් නෞකාවේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

එම නෞකා මෙරටට ළඟා වන්නේ සිංගප්පුරුවේ සිටයි.

මේ අතර, ඩොලර් මිලියන 30 ක් වටිනා ණයවර ලිපි විවෘත කළ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400 කින් යුත් නෞකාවක ඉන්ධන ගොඩබෑම අද සිදු කර හෙට සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට ද මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

Related posts

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

Editor O

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

Editor O

Leave a Comment