දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා වෛද්‍යවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

රටක ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය සේවය තුළ නිවැරදි වැටුප් ව්‍යුහයක් පවත්වා ගැනීමේ වැදගත්කම හා සේවාවේ කාර්ය සාධනය අනුව වගවීම සහ වගකීම මත පදනම් වූ සේවක ව්‍යුහයක් තුළ වැටුප නිර්ණය කිරීමේ වැදගත්කම එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, වැටුප් පිළිබද සංශෝධන කැබිනට් පත්‍රිකා මගින් සිදු නො කොට ඒ සඳහා තාක්ෂණික සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් යුත් ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කොට වැටුප් ප්‍රතිපත්තියකට අනුකූලව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම, පශ්චාත් වෛද්‍ය පාඨමාලා හැදැරීමේ අවස්ථා ඉහළ දැමීමට සහ වෛද්‍යවරුන් ස්ථානගත කළ හැකි විශේෂ ක්‍රමවේදයන් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද යෝජනාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකගතාව පළ කළ බව ද එම සංගමය ප්‍රකාශ කළා.

Related posts

මෙවර වෙසක් උත්සවයට සිරකරුවන් පිරිසකට නිදහස

Mohamed Dilsad

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment