දේශීය

ලංකාවේ ආර්ථිකය ගැන IMF අනතුරු අගවයි

(UTV | කොළඹ) – ණය ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අගවනවා.

විදේශ සංචිත පහළ යාම සහ ඉදිරි කාලය තුළ මූල්‍ය අවශ්‍යතා ඉහළ යාම ද ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකව සමග පැවැත්වූ උපදේශන ක්‍රියාදාමයක් අවසානයේ සිය නිගමන ඉදිරිපත් කරමිනුයි.

ණය කළමණාකරණය – ක්ෂුද්‍ර මූල්‍ය ස්ථායිතාව සහ දිළිඳුකම තුරන් කිරිමට අදාළව ඉදිරියේදී ශක්තිමත් පියවර ගත යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු කඩා වැටීම ආරම්භවූ ශ්‍රී ලංකා ආර්ථිකයට කොවිඩ් වසංගතයත් සමග මරු පහරක් එල්ලවූ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙසත් – දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමත් ඔවුන් නිකුත් කර ඇති නිර්දේශ අතරට අයත්.

විදේශ සංචිත නැවත වර්ධනය කර ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දෙන්නේ තරුණ විරැකියාව අඩු කිරිම – දූෂණය පිටුදැකීම මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමණාකරණය විධිමත්ව පවත්වාගෙන යා යුතුවීමද සිය නිර්දේශ අතර වන බවයි.

Related posts

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

Mohamed Dilsad

Leave a Comment