දේශීය

විදුර සහ දොලවත්ත ගැන තීරණය පක්ෂ රැස්වීමේදී

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහත්වරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ගන්නේද නැද්ද යන්න පිළිබද තීරණයක් ඉදිරියේදී රැස්වෙන පක්ෂ රැස්වීමේදී ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

ඒ අනුව විනය පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවට පක්ෂ රැස්වීමේදී තීරණය කළහොත් ඊට සම්බන්ධ පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 වැඩසටහන සදහා පසුගිය දිනයේදී අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගිවී තිබුණා.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ අමාත්‍ය ධූර ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බව පක්ෂයක් ලෙස පිළිගන්නා බවද සාගර කාරියවසම් මහතා මෙහිදී සදහන් කළා.

Related posts

ඇමති-මන්ත්‍රී සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණයක

Editor O

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 718ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සියලු පාසල් යළිත් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට

Mohamed Dilsad

Leave a Comment