දේශීය

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

(UTV | කොළඹ) – රට සාමාන්‍යකරණයට පත්කිරීම සඳහා ලබන මස අවසානයේ සිට ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ යැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීය.

කොවිඩ් තත්ත්වයත් සමග පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ අවසන් ගෞරව දැක්වීමට නොහැකිව ඥාතීන් යම් යම් අසීරුතාවන්ට පත්වූ බවත් මෙමගින් එම තත්ත්වය යම් මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

ගලගෙදරදී ඊයේ (6) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

මේ වන විට කොවිඩ් වැළඳී නිවාසවල ප්‍රතිකාර ලබා සුවය ලද සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස් දහස ද ඉක්මවා තිබෙන බවත් රෝහල් ගතකර මොවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නට සිදුවූවේ නම් ඇති වන තත්ත්වය ඉතා බැරෑරුම් වනු ඇති බවත් ඒ මහතා කීය.

නිවාසවල ප්‍රතිකාර ලද පිරිස අතරින් මරණයට පත්වූයේ එක් අයෙකු පමණක් බව ත් රෝහල් ගත කිරීමට සිදුවූයේ 1460 දෙනෙකු පමණක් බව ත් සෞඛ්‍ය ඇමතිවරයා පැවැසුවේය.

නිවාසවල ප්‍රතිකාර ලැබූ අයට ඉතා හොඳ සේවයක් ලබා දීම සඳහා කෙටි පණිවුඩ ක්‍රමයක්
හඳුන්වාදීමට පියවර ගත් බවත් රෝගියෙකු පිළිබඳව කෙටි පණිවුඩයක් ලැබී විනාඩි 30ක් තුළ සෞඛ්‍ය අංශයේ නිලධාරියෙකු එම නිවසට යන ආකාරයට එම වැඩපිළිවෙළ විධිමත්ව ගොඩනගා තිබූ බවත් කී ඇමතිවරයා මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා ඉහළින් අගය කළ බව ත් අවධාරණය කළේ ය.

Related posts

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

Mohamed Dilsad

ආගමික ස්ථානවලට රු 5,000ක වියළි ආහාර

Mohamed Dilsad

Leave a Comment