දේශීය

ෆාමසි වලට ඖෂධ නිකුත් කිරීම නවතී

(UTV | කොළඹ) – හාරදහසක් පමණ වන ෆාමසි සදහා ඖෂධ නිකුත් කිරීම ඊයේ (8) සිට තාවකාලිකව නතර කිරීමට ඖෂධ ආනයනකරුවෝ පියවර ගෙන ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීමට ඉඩ හැරීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම මෙම ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ.

දැනට ආනයනය කර ඇති ඖෂධ සඳහාද නිකුත් කර ඇති ණයවර ලිපි සඳහා​ ඩොලර් හිඟවීම ඉදිරියේදී සිදුකළ යුතු බැවින් විශාල පාඩුවක් සිදුවන බවද අනයනකරුවෝ පෙන්වා දෙති.

එමනිසා වහාම ඖෂධ මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ආනයනකරුවෝ ඖෂධ සැපයීම්, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සමග අද (9) දිනයේ සාකච්ඡා කිරීමටද ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සූදානමින් සිටියි. ඖෂධ ආනයනකරුවන් ආනයනය නතර කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධද නොලැබෙනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75 ක් සඳහා පනවා ඇති මිල පාලනයද ඉවත් කළ යුතු බව ආනයනකරුවෝ අවධාරණය කර සිටිති. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවැසුවේ පාලනය කර ඇති ඖෂධවල මිල සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බවයි. ඖෂධ ෆාමසිවලට ලබාදීමට ඊයේ (8 වැනිදා) දහවල් සිට නතර කළ බව පෞද්ගලික ඔසු සල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේය. දැනට ෆාමසි සතු ඖෂධ පමණක් අලෙවි කරන බවද ඔහු අවධාරණය කළේය.

Related posts

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

Mohamed Dilsad

Leave a Comment