දේශීය

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

(UTV | කොළඹ) – පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ සියලූම රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් J.J. රත්නසිරි මහතා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

නිල රථ හිමි මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සදහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවීමටයි එමගින් යෝජනා කර ඇත්තේ.

පිටපළාත්වල නිලධාරීන් රැස්වීම් සහ සාකච්ඡා සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැදවීම හා එසේ කැඳවන දිනවලදී සම්පූර්ණ දිනයම රැස්වීම් කිහිපයක් සදහා භාවිත කරන ලෙසත්, එමගින් උපදෙස් දී තිබෙනවා.

හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙයසි චක්‍රලේඛයෙන් දන්වා ඇත්තේ.

අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටපළාත් නිලධාරීන් කොළඹට පැමි”ම අවශ්‍ය වන්නේ නම් තනි නිලධාරීන් එක් එක් වාහනය භාවිත කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා, තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසත්, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා පොලිසියේ අධීක්ෂණය යටතේ ඒවා ලබා දෙන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආයතනවල පස්වරු 02 යි 30 සිට පස්වරු 04 යි 30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසත් චක්‍රලේඛයට ඇතුළත්.

නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගන්නා ලෙසත් , සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර, අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

විදුලි සෝපාන භාවිතය අඩු කරන ලෙස හා හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරන ලෙසත්, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.

පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලූම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම නිර්දේශ මාලාවෙන් යෝජනා කර තිබෙනවා.

Related posts

චීනයෙන් පැමිණෙන මගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක්

Mohamed Dilsad

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment