විදෙස්

ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා මිය යයි

(UTV |  වොෂින්ටන්) – සැත්කමක් මගින් ලොව පළමු වරට ඌරකුගේ හදවතක් බද්ධ කර සිටි මිනිසා මියගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ අමෙරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නමැත්තායි.

මිට මාස 02 කට පෙර ඔහුට එලෙස ඌරකුගේ හදවතක් බද්ධ කළ අතර එම සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙනවා.

කෙසේවෙතත් බද්ධ කළ හදවත ඔහුගේ සිරුර මගින් ප්‍රතික්ෂේප කළේද නැද්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. අදාළ සැත්කම අවදානම් බව ඩේවිඩ් බෙනට් විසින් දැන සිට තිබෙනවා. ඔහු එම ශල්‍යකර්මය පිළිබඳ පවසා තිබුණේ අඳුරේ සිට වෙඩි තැබීමක් බවයි.

බරපතල හෘදයාබාධයකින් පීඩා විඳි ඩේවිඩ් බෙනට්ගේ දිවි බේරා ගැනීම සඳහා මිනිස් හදවතක් බද්ධ කිරීම නුසුදුසු වූ බැවින් එලෙස ඌරෙකුගේ හදවතක් බද්ධ කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ. එහෙත් එම ශල්‍ය කර්මයට පෙර ඔහුට බද්ධ කළ ඌරු හදවත රසායනාගාරයක් තුළදී ජානමය වෙනස්කම් රැසකට භාජනය කර තිබුණා.

Related posts

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04 ආසන්නයි

Mohamed Dilsad

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් ඉවත් කරයි.

Mohamed Dilsad

Leave a Comment