දේශීය

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගයක් මත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්ව තිබෙනවා.

ඒ, මෙම පෙත්සම ඔහු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ දන්වා සිටියේ තමන් මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

අදාළ පෙත්සම ලබන මස 7 වන දා යළි කැදවීමට නියමිතයි.

Related posts

ගතවූ සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මාතලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මරුට

Mohamed Dilsad

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment