ක්‍රීඩා

රාජස්ථාන් රෝයල්ස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග

(UTV | කොළඹ) – මෙවර අයි පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර නිකුත්කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර තිබුනා.

ලසිත් මාලිංග මීට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවී⁣මේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.

මෙවර අයි පී එල් ත⁣රගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 26 වනදායි.

එදිනට චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදි තරග වැදීමට නියමිතයි.

Related posts

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

Mohamed Dilsad

ක්‍රීඩා ඇමති සුනිල් සහ නියෝජ්‍ය ඇමති සුගත් අතර ගැටුමක්…?

Editor O

Leave a Comment