දේශීය

සහන නොලැබුණහොත් බස් ගාස්තු 30%කින් ඉහළට

(UTV | කොළඹ) – CEYPETCO ද ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව ඩීසල් සහනයක් ඉල්ලා ප්‍රවාහන අමාත්‍යාංශයට අද ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

මිල සංශෝධනයක් සිදු වුවහොත් අවම ප්‍රවාහන ගාස්තුව රුපියල් 20-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බවද පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රකාශ කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ අනෙකුත් බස් ගාස්තු සියයට 30 කින් ඉහළ යන බවයි.

මෙවැනි මිල ඉහළ යාමක් වළක්වා ගැනීමට නම් රජය ප්‍රවාහන ක්ෂේත්‍රයට ඩීසල් සහනයක් ලබාදිය යුතු බව ඔහු පැවසීය.

Related posts

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

Editor O

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

Mohamed Dilsad

ඊයේ පුද්ගලයින් 59,000කට කොරෝනා එන්නත්

Mohamed Dilsad

Leave a Comment