දේශීය

”ඉන්ධන මිල වැඩි වුණේ බොර තෙල් මිල ඉහළ ගිය නිසාම නෙවෙයි”

(UTV | කොළඹ) – ඉන්ධන සඳහා ඉතිහාසයේ වැඩි ම මිල නියම කිරීමට සිදුවූයේ ආණ්ඩුවේ වැරදි තීරණ හේතුවෙන් බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේ, අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

“ලංකා ඉතිහාසයේ ඉහළ ම ඉන්ධන මිල වැඩි කිරීම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, අද ජීවතුන් අතර සිටියා නම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස්විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.

ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එක ම හේතුව ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි කිරීම ම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා. ප්‍රධාන හේතුව තම යි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘත්‍රිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවීම.

ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මත ම මේ බර පටවන්නේ නැතුව, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරින් කොටසක් ආණ්ඩුවට ගැනීමේ හැකියාව තිබුණා.”

Related posts

ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

Mohamed Dilsad

Leave a Comment