දේශීය

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළට

(UTV | කොළඹ) –  මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළ යමින් පවතී.

අද දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන අන්දමට රන් මිල තවදුරටත් ඉහළගොස් තිබේ.

එම නිෂ්පාදකයන් පවසන්නේ රුසියා යුක්‍රේන අර්බුදය හමුවේ මෙලෙස රන් මිල ඉහළගොස් ඇති බවය.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 150,000ක් ලෙසටය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 139,000ක් ලෙසටය.

මේ අතර අද දිනය වනවිට කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ මෙරට රන් වෙළෙඳපොළේ දැඩි හිඟයක් නිර්මාණය වී තිබෙන බවය.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 1,974ක් දක්වා අඩුවීමක් ද පෙන්නුම් කර තිබේ.

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ 11 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment