දේශීය

“දැන් ඇති” දැවැන්ත ජන රැළිය අද කොළඹදී

(UTV | කොළඹ) – ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය විසින් සංවිධාන කරන දැන් ඇති දැවැන්ත ජන රැළිය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 02 ට කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතාව ආරම්භ කිරීම සදහා කටයුතු සියල්ල සූදානම් බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.

මෙම රැළිය හුදෙක් සමගි ජනබලවේගයේ රැළියක් පමණක් නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

රජයේ ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ සියල්ලන්ට ඊට සහභාගී වන ලෙසට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇරයුම් කළා.

Related posts

කොමිසමේදී පූජිත හිටපු ජනපති ගැන කියූ දේ

Mohamed Dilsad

මඩ ප්‍රචාරට එරෙහිව හරීන් CCID යයි

Mohamed Dilsad

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment