දේශීය

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට

(UTV | කොළඹ) – මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව අලුත් රටට – අලුත් බෙහෙත් යන සංකල්පය යටතේ නිෂ්පාදිත මෙම සේලයින් කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම විසින් මෙරටදී නිෂ්පාදනය කරනු ලබන මෙම සේලයින්හි පූර්ණ හිමිකම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට හිමිව ඇත.

ඒ අනුව එම සංස්ථාව විසින් වරලත් අලෙවි නියෝජිතයන් හරහා මෙම නිෂ්පාදිතය දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ.

Related posts

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදා

Editor O

Leave a Comment