(UTV | කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව හිටපු අග්රාමාත්ය වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක යුද්ධයෙන් පසු රටවල් කිහිපයක් දේශීය ආර්ථික ගැටලු මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවයි.
බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව වැනි රටවල් පවා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගෙන ඇති බව හිටපු අග්රාමාත්ය වික‍්‍රමසිංහ සඳහන් කළා.
විදේශ සංචිත සහ රාජ්‍ය ආදායම අඩුවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වන නමුත් දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් ඊට සහාය විය යුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මීට පෙර IMF ආධාර ලබාගැනීමේ අවස්ථා කිහිපයක් රජයට මගහැරී ගිය බවත්, කෙසේ වෙතත්, පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට උපකාර වන විකල්පය එය බව සඳහන් කළ එජාප නායකයා වැඩිදුරටත් පැවසීය.
අපනයන, මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් නිර්දේශවලට ප්‍රමුඛත්වය දෙමින් රටේ ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හිටපු අගමැතිවරයා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සඳහා අරමුදල් සපයන බැවින් අවම වශයෙන් වසර 10ක්වත් අනුගමනය කළ හැකි සම්පීඩන රාමුවක් වත්මන් පරිපාලනය විසින් සකස් කිරීම වැදගත් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
- ආර්.රිෂ්මා