දේශීය

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව P සිට W දක්වා වූ කලාප 08 සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව A සිට L දක්වා වූ කලාප 12 සඳහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාළ කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

Related posts

රාජිතගෙන් මරණ තර්ජන එල්ලවන බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

ඡන්දය භාවිතා කිරීමේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්න

Editor O

දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව, අනුරාධපුර මහාධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment