දේශීය

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

(UTV | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසීය.

රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මනව පාසල් ලබාදීම සිදුවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා – නාමල් රාජපක්ෂ

Editor O

සියලූම පොල් ඉඩම් ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

Leave a Comment